තරගකාරී වෙළෙඳ පොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කරගන්නා ආකාරය පිළිබඳව ගමින් ගමට ගොස් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරීය සභාපති ආචාර්ය ලලිත් සේනවීර මහතා පවසයි.
හෙටට (15දා) යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ මෙවර තේමාව වන්නේ විශ්වාදායී සුහුරු නිෂ්පාදන යන්නයි.
තරගකාරී වෙළෙඳ පොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කරගන්නේ කෙසේද යන්ත්, ස්මාට් නිෂ්පාදන පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වී තිබේ.
ඒ අනුව, පාරිභෝගිකයන් විසින් මිලදී ගන්නා විද්‍යුත්, විදුලි උපකරණ, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 6ක වගකීමක් ලබාගැනීම, එකී වගකීම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර තිබේද යන්න විමසිලිමත්වීම, භාණ්ඩයේ නිෂ්පාදිත, අවසන් දින සහ අත්‍යවශ්‍ය තොරතුරු වෙනස් කර ඇති සහ විකෘති කරන ලද උපකරණ උපාංග මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගිකයන් දැනුවත් කිරීම, ස්මාට් උපකරණ (ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් ඇතුළු සුහුරු (ස්මාට්) නිෂ්පාදන) මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, ඔන්ලයින් ක්‍රමයට උපකරණ උපාංග මිලදී ගැනීමේදී පාරිභෝගික ආරක්ෂාව සැලසෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරෙන බව පැවසෙයි.
මාර්තු 15 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයට සමගාමීව ඇරඹෙන මෙම වැඩසටහන මාර්තු මස 31දා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ලලිත් සේනවීර මහතා වැඩිදුරටත් පවසයි.