ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පෞද්.) සමාගම සමග එක්ව ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් රට තුළ ගෙවීම් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.
ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ලංකාක්ලියර් (පෞද්.) සමාගම විසින් මෙහෙයවනු ලබන අතර, එය ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් මෙහෙයුම් සමාගමක් වන ජපානයේ ජේසීබී ඉන්ටරට්නැෂනල් ආයතනය සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබයි. ආරම්භයේදී මෙම කාඩ්පත් ක්‍රමය යටතේ හර කාඩ්පත් නිකුත් කරනු ඇත. මෙයට අමතරව, ජාතික ගෙවීම් කඩාපත් ක්‍රමය යටතේ නිකුත් කරනු ලබන කාඩ්පත්වලින් මුදල් ආපසු ගැනීම් සඳහා ලංකාපේ ජාලය සමග සම්බන්ධව රටපුරා ක්‍රියාත්මක වන 4,800කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් සිදුකළ හැකිය.
ප්‍රථම වතාවට ලංකාපේ - ජේසීබී හර කාඩ්පත් නිකුත් කිරීම එමසීබී බැංකුව විසින් සිදුකරන ලද අතර, වෙළෙඳ පොළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි මූල්‍ය අත්පත්කරුවන් වන කාර්ගිල්ස් බැංකුව සහ කොමර්ෂල් බැංකුව හරහා සජීවී ගෙවීම් කටයුතු ආරම්භ කර තිබේ. සෙලාන් බැංකුවද වාණිජමය නොවන පදනමක් මත විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය සමග සම්බන්ධ වනු ඇති බව මහ බැංකුව කියයි. එම්සීබී බැංකුව විසින් ලංකාපේ - ජේසීබී හර කාඩ්පත් නිකුත් කර ඇති ගනුදෙනුකරුවන්ට ඉහත බැංකු විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු විකුණුම්පල ගෙවීම් යන්ත්‍රවල තම කාඩ්පත් භාවිත කළ හැකි වේ.