මේ දිනවල වෙළෙඳ පොළෙහි පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000ක් හදිසියේ මිලදී ගැනීමට රජය කටයුතු යෙදූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙළෙඳ පොළට වහා නිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද අමාත්‍යාංශය කියයි.
ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාවක් සෙනසුරාදා (02දා) වරායට සේන්දු වූ බව පවසන අමාත්‍යාංශය, අද (05දා) තවත් මෙට්‍රික් ටොන් 3,600ක නැවක් වරායට පැමිණෙනු ඇති බවත්, ලබන සෙනසුරාදා (09දා) තවත් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නැවක් පැමිණීමට නියමිත බවත් පවසයි.
ඒ අනුව, හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් මෙට්‍රික් ටොන් 6,000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ළඟාවනු ඇති බවද අමාත්‍යංශය පෙන්වා දෙයි.