කොළඹ මහ නගර සභාව විසින් නිකුත් කරන ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ඒවා දෙසතියකින් පමණ අයදුම්කරුට ලබාගත හැකි බවත්, ඒ සදහා වන ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට හැකි බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
සිය අයදුම්පත ඇතුළු ලිපි ලේඛන නගර සභාව වෙත බාර දීමෙන් පසු අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණෙන දිනයද බල පත්‍රය සූදානම් වීමෙන් පසු එය රැගෙන යාමට පැමිණෙන ලෙසද අයදුම්පත් ලාභියාට කෙටි පණිවිඩයක් ඔස්සේ දැන ගැනීමට හැකිවේ.
තවද ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රයට අදාළ ලිපි ලේඛන බලපත්‍ර අයදුම්කරුවකු විසින් කාර්යාලයට බාරදුන් අවස්ථාවේ සිට බලපත්‍රය නිකුත් කරන තෙක් කුමන අංශයක කුමන ක්‍රියාවලියකට යටත්ව තිබේදැයි යන වග අදාළ කාර්ය මණ්ඩලයට සිය පරිගණක පද්ධතිය ඔස්සේ දැනුවත් වීමටද හැකියාව ලැබේ.
මෙම පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, කොළඹ පුරපතිනී රෝසි සේනානායක, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා නියෝජිතායතනයේ ව්‍යාපෘති අධ්යක්ෂ ඉන්දික ද සොයිසා, ව්‍යාපෘති කළමණාකරු චාමේන්ද්‍ර තිලංක පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
www.colombo.mc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකිවේ.