ශ්‍රී ලංකා රජය විසින් අද (17දා) සිට දින තුනක කාලයක් විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමේ තීරණය අනුව අද, එනම් 2020 මාර්ත 17දා කොළඹ කොටස් වෙළෙඳ පොළටද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර ආයතන වෙත මේ බව දැනුම් දෙමින් කොටස් වෙළෙඳ පොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන කියා සිටින්නේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් අවම කිරීම හා වෙළෙඳ පොළ සහභාගිකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.