කෙසෙල් අපනයනය සඳහා ගොවි ජනතාව වැඩි වශයෙන් යොමු කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණයකට එලැඹ තිබේ.
ශ්රී ලංකාවේ කෙසෙල් සඳහා පවතින විදේශීය ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, විදේශ කෙසෙල් ප්රභේදයක් හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් ආවරණය කරමින් වගා කිරීමට කටයුතු කරනු ලැබුවේ මෙම වසරේ මුල් කාලසීමාවේදී බවද ඔවුන් කියයි.
ඒ අනුව, එහි පළමු අස්වැන්න අපනයනය කළ බවත්, ඒ සඳහා මැදපෙරදිග රටවලින් වැඩි ඉල්ලුමක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
ඒ අනුව, එම ප්රදේශවල අක්කර 400ක පමණ භූමි භාගයක යළි මෙම කෙසෙල් ප්රභේදය වගා කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.