කෘෂි කර්මාන්තයේ වර්ධනය සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීමට කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාවක් බිහිකිරීමේ ක්‍රියාකාරි වැඩපිළිවලක් ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම වැඩපිළිවල ක්රිමයාත්මක කරයි. කෘෂි අංශයේ විද්වතුන් හා ව්‍යාපාරික ආයතන නියෝජිතයන් 130කට වැඩි පිරිසක් එක්වූ මෙම සාකඡාව පසුගියදා මාර්ගගතව පැවැත්විණි.
කෘෂිකාර්මික අංශයේ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව ඇති කිරීම, දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් නව උසස් කෘෂි තාක්ෂණ දැනුම ලබාදීම, නව තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබාදීම සහ මෙම අංශයට පිවිසෙන්නන් තාක්ෂෂණය පදනම් කරගත් සමාගම් සමග සම්බන්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මේ පිළිබඳ වූ සැසිවාරය අමතමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා ප්‍රකාශ කළේ, "ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයට අනුකූලව, ශ්‍රී ලංකාව ඩිජිටල් රටවල් අතරට එක්වන ජාතියක් බවට පත් කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කුලුණු පහක් ක්‍රියාකාරිත්වය හඳුනාගෙන ඇති බවයි. එනම් තාක්ෂාණ කර්මාන්ත සංවර්ධනය , ආරම්භක පරිසර පද්ධති සංවර්ධනය, පුද්ගල ධාරිතා වර්ධනය, තාක්ෂණ භාවිතය සහ කලාපීය පොකුරු සංවර්ධනය, කෘෂිකර්මාන්තය විෂය පථය යටතේ ප්‍රමුඛතා ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ පරිවර්තනය කිරීමට සහ නිර්මාණය කිරීමට උපකාරී වන අපගේ සාම්ප්‍රදායික භාවිතයන්ද උපයෝගී කරගත යුතුව තිබෙනවා" යනුවෙනි.
ජර්මනියේ සිට සාකච්ඡාව සමග එක්වූ එන්පැක්ට් හි කළමනාකාර අධ්යක්ෂ ජෑන් ලැචෙන්මයර් මහතා අදහස් දක්වමින් ගෝලීය දෘෂ්ටි කෝණයෙන් කෘෂි නිපැයුම් තාක්ෂණය පිළිබඳවත්, කෘෂිකාර්මික අංශයේ පරිසර පද්ධති තුළ කෙතරම් බලපෑමෙන් යුත්, තිරසාර නවෝත්පාදනයක් සිදුවිය හැකිද යන්න පිළිබඳවත් දැනුවත් කරන ලදී . කෘෂිකර්මාන්තය හා ගොවිතැන සඳහා භාවිත කරන සුහුරු තාක්ෂණය පිළිබඳව විශේෂ උපදෙස්ද මෙහිදී ලබාදෙන ලදී.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ ව්‍යාප්තිය පිළිබද අධ්යක්ෂ, මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන මහතා අදහස් දක්වමින්, "කෘෂිකාර්මික අංශයට තාක්ෂණයෙන් විවිධාකාරයෙන් ප්රතිලාභ ලබාගත ගැනීමට පුළුවන්. ආර්ථික වශයෙන් දියුණු රටවල රොබෝ තාක්ෂණ්ය, කෘත්‍රිම බුද්ධිය, සුහුරු ගොවිතැන් ක්‍රමවේද , ජෛව තාක්ෂණය, නැනෝ තාක්ෂණය වැනි නවීන තාක්ෂණය නිවැරදිව භාවිත කරනවා. ජාතියක් වශයෙන්, ඕනෑම කර්මාන්තයකදී වඩා ලාභදායී, කාර්යක්ෂම, ආරක්ෂිත සහ පරිසර හිතකාමී වීමට තාක්ෂණයේ ප්රතිලාභ අප විසින් භාවිත කළ යුතුයි. මේ කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාව අඛණ්ඩ ඉදිරියට ගෙනයාමට සැලසුම් කර ඇති අතර, මෙය ආරම්භක මුල පිරීම්වලින් එකක් පමණයි." යනුවෙන් පැවසීය.
ගොවි සංගම්, රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන, කෘෂි තාක්ෂණ සේවා සපයන්නන්, කෘෂි තාක්ෂණ සමාගම් වැනි පාර්ශ්වකරුවන් මේ සංවාදයට එක්වෙමින් අදහස් දක්වන ලදී.