අධ්‍යාපනික, කලා හා සංස්කෘතික, පුරාවිද්‍යාත්මක අධ්‍යයනය, කෘෂි පර්යේෂණ, විද්‍යාව හා තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍යය, සංවර්ධන අධ්‍යයනය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිලිබඳ අධ්‍යයනය යන ක්ෂේත්රයන්හි ව්‍යාපෘති යෝජනා සඳහා ඉන්දියා - ශ්‍රී ලංකා පදනම විසින් ඔබට ආරාධනා කරනු ලැබේ.
1998 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් මගින් ඉන්දියා - ශ්‍රී ලංකා පදනම පිහිටුවා තිබුණේ දෙරට අතර ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව ඉහළ නැංවීම තුළින් ඉන්දියා - ශ්‍රී ලංකා සම්බන්ධතා වර්ධනය කිරීම සහ දෙරටෙහි ජනතාව අතර පුළුල් අවබෝධයක් ඇති කිරීම සඳහා බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එහිදී, තනි පුද්ගලයන්ට, ආයතන සහ කණ්ඩායම්වලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, ඒවා මීළඟ ඉන්දියා - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂක මණ්ඩල සැසි වාරයේදී සලකා බලනු ලැබේ. මෙයට අදාළ අයැදුම්පත් www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පත් ව්‍යාපෘති යෝජනාව සමඟ, ඉන්දියා - ශ්‍රී ලංකා පදනම, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බාරේ, 36-38, ගාලු පාර , කොළඹ යන ලිපිනයට හෝ [email protected] විද්‍යුත් තැපෑලට 2019 සැප්තැම්බර් 15 වැනිදාට පෙර ලැබෙන පරිදි යොමුකළ යුතු බව ඔවුහු වැඩිදුරටත් පවසති.