ශ්‍රී ලංකාවේදී හඳුනා ගැනුණු පළමු වැනි කොවිඩ්-19 රෝගියා එයිට්කන් ස්පෙන්ස් සේවකයෙකු බවටත්, මේ නිසා එම ආයතනයේ ගොඩනැගිල්ලක් සීල් තබා ඇති බවටත් පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම සංචාරක මඟපෙන්වන්නා තම සමාගමේ සේවකයෙකු නොවන අතර, ඔහු ඉතාලි භාෂාව හසුරුවන නිදහස් වෘත්තිකයෙකු බව අවධාරණය කරන එම සමාගම, තම ආයතනය සීල් තැබීමකට ලක්කර නොමැති අතර, සුපුරුදු ව්‍යාපාරික කටයුතු පෙර පරිදිම සිදුකෙරෙන බව වැඩිදුරටත් දැනුම් දෙයි.
එයිට්කන් ස්පෙන්ස් ගොඩනැගිල්ලේ සේවය කරන සියලුම සේවකයන් අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාරග පිළිබඳ දැනුවත් බවත්, දැනටමත් ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි.
මේ නිසා වැරදි තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින එයිට්කන් ස්පෙන්ස් සමාගම, මෙවැනි වැරදි තොරතුරු හුවමාරුව වැඩි හානියක් කරන බවත්, කිසිවක් හුවමාරු කිරීමට පෙර ඒවායෙහි සත්‍යාසත්‍ය බව තහවුරු කරගන්නා බවත් වැඩිදුරටත් දැනුම් දෙයි.