කොවිඩ්-19 අවදානම අවම කරන තීන්ත නිෂ්පාදන තාක්ෂණයක් ලෙස VirusGuard+ තාක්ෂණය ශ්‍රී ලංකාවටද හඳුන්වා දී තිබේ. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලටද හඳුන්වාදී ඇත.
Copper (Cu+) ION සහිත මෙම තීන්ත වර්ගය, දැනට පැතිර යමින් පවතින වෛරස ප්‍රභේදවලින් ඉහළ ආරක්ෂාවක් ලබාදෙන බව සඳහන් වේ. අඩු VOC (Volatile Organic Compounds) මට්ටමක් සහිත එම තීන්ත ආලේප කළ පසු, පහසුවෙන් සෝදා පිරිසිදු කළ හැකිවීම මෙන්ම, VirusGuard+ තීන්ත වල හානිකර ද්‍රව්‍ය අඩංගු නොවන නිසා ඒවා වාණිජ හා පොදු ගොඩනැගිලිවලට මෙන්ම නිවාසවලටද ඉතාමත් සුදුසු තීන්ත වර්ගයක් ලෙස පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට නිපෝන් පේන්ට් හඳුන්වා දී ඇති මෙම VirusGuard+ බැක්ටීරියා නාශක තීන්ත, බාහිර ස්වාධීන පරීක්ෂණාගාරවලදී සායනිකව පරීක්ෂා කර ඇති බවත්, මානව Coronavirus වර්ග සහ සත්ත්ව Calicivirus වර්ගවලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවට තහවුරු වී ඇති බවත් ඔවුන් පවසයි. එමෙන්ම සිංගප්පූරුවේ Green Building Council (SGBC) මගින් මෙම තීන්ත පරිසර හිතකාමී බවටද තහවුරු කර ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.