COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් විසින් සකස් කරනලද විධිමත් නීතිරීති මාලාවක් සමග කටයුතු කරමින් හේලීස් ප්ලාන්ටේෂන්ස් අංශය වගා ක්ෂේත්රය, කර්මාන්තශාලා සහ වතු පරිශ්‍ර තුළ අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍ය හා ආරක්ෂණ රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන අතරතුර සමාගමේ, සියලු සේවකයන්ගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා පියවර කිහිපයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, සමාගම 140,000ක් වන සිය සමස්ත වතු ශ්‍රම බලකා ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල්වලට, වතු සේවක නිවාස සමුපකාර සමිති හරහා වියළි සලාක සහ ආහාර මලු ලබාදුන් අතර ඒවා දැනට පවතින ඇඳිරි නීතිය පවතින කාලය තුළ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ඍජුවම වතුයායටම ලබාදී ඇත. මීට අමතරව, ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය රජයේ නිලධාරීන්ගේ සහාය ඇතිව වතු පරිශ්‍ර හා කාර්ය මණ්ඩල නිවාස පිරිසිදු කර, මෝටර් සහිත ඉසින යන්ත්‍ර භාවිත කර විසබීජහරණය කිරීමට පියවර ගෙන තිබේ.