කොවිඩ්-19 වසංගත තත්ත්වය සමග සටන් කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කරමින් වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය අංශයේ සේවකයන්ට සහාය වීමේ වැඩසටහන් මාලාවක් කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් ක්‍රියාත්මක කර තිබේ.
මේ අනුව, කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, තෙල්දෙණිය මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහල වෙත බැංකුව විසින් කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කර ඇත.
එහිදී බැංකුව විසින් පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) කට්ටල, N95 ආරක්ෂණ මුව ආවරණ, ශල්‍ය මුව ආවරණ, ශල්‍ය ඇඳුම් සහ දෑත් පිරිසිදුකාරක ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ තොගයක් මෙහිදී පරිත්‍යාග කළ බව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, රජය විසින් ආරම්භ කළ කොවිඩ්-19 අරමුදල සඳහාද බැංකුව විසින් මුදල් පරිත්‍යාගයක් කර තිබේ.