සියලු කොටස් මිල දර්ශකය ඒකක 112ක් දක්වා වර්ධනය වෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම ඊයේ (29දා) දිනයේදී රු.බිලියන 4.1ක් ඉක්මවා ඉහළ ගොස් තිබේ.
දිගින් දිගටම කඩා වැටෙමින් පැවති කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය ඔක්තෝබර් මස 25දා සිට ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, ඊයේ දිනයේදී සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 5,944.18ක් ලෙසිනි. එම මිල දර්ශකය ඒකකය 112.22ක ඉහළ යෑමක් වාර්තා කළ අතර, එය 1.92%ක වර්ධනයකි. මේ අතර, S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 3,058.59ක් ලෙසිනි. එම මිල දර්ශකය ඒකක 61.26ක ඉහළ යෑමක් වාර්තා කළ අතර, එය 2.04%ක වර්ධනයකි.
ඊයේ දිනයේදී වාර්තා කළ දෛනික පිරිවැටුම වන රු.4,166,902,471.20 මෙම වසරේ මේ දක්වා වාර්තා කළ දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රු.මිලියන 768.2 හා සැසඳීමේදී පස් ගුණයකට ආසන්න අගයකි. මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදී ඇත්තේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ගිවිසා ගනු ලැබූ ගනුදෙනු කිහිපයකි.