බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික ගුවන් මගීන් සංඛ්‍යාව වර්ෂ 2025 වනවිට මිලියන 20 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ගුවන්තොටුපළ මගී පර්යන්ත ආශ්රිත ධාරිතාව වැඩි කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ II වැනි අදියර 2 වැනි පියවර 'අ' පැකේජයට අදාළ කොන්ත්‍රාත්තුව, මුළු වටිනාකම ජපන් යෙන් මිලියන 41,553.89ක සහ ශ්‍රී ලංකා රු.මිලියන 35,135.84ක මුදලකට ජපානයේ Taisei Corporation වෙත පිරිනැමීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.