ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසාදැමීම නිසා අත්හිටවනු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් අද (30දා) සිට යළි ආරම්භ වී තිබේ.
ශතවර්ෂයකට ආසන්න කාලයකදී කේරළයට ඇති වූ මෙම ප්‍රබල ගංවතුර තත්ත්වය හේතුවෙන් දකුණුදිග ඉන්දීය නගරයක් වූ කොචින් දක්වා වූ ගුවන් ගමන් අත්හිටුවා තිබුණේ පසුගිය අගෝස්තු 15දා සිටය.
ගංවතුර තත්ත්වය හා අයහපත් කාලගුණික තත්ත්වය පහව යාමෙන් පසුව, කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අගෝස්තු 29දා යළි විවෘත වූ පසු මූලික වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවාවන්ට අවස්ථාව හිමිවී ඇති අතර, පසුව ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට එය විවෘත වී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද පෙ.ව. 7.47ට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පියාසර කරමින් සුපුරුදු ගුවන් ගමන් ආරම්භ වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.