ඔබේ ව්‍යාපාරය හා සම්බන්ධ දැනුම සහ අවබෝධය, ව්‍යාපාරය නිර්මාණශීලීව පවත්වා ගන්නා ආකාරය සහ එහි සාර්ථකත්වය දක්වා වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව පුහුණු සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.
මීට සහභාගීවන්නන්ට ව්‍යාපාර වර්ධනය කරගැනීම සහ ඒ සඳහා කළ යුතු දේ කවරේද, ජනතාව සමග නිර්මාණශීලීව වැඩකිරීමේ වැදගත්කම, වෙළෙඳ සන්නාමය සහ මූල්‍ය කටයුතු මෙන්ම, වර්ධනය වේගවත් කිරීම සඳහා වූ ක්ෂේත්‍ර හඳුනාගැනීම යනාදිය පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරනු ලබන බව ඔවුන් කියයි.
මෙහිදී, ඔබගේ පුද්ගලික ස්වයං වටිනාකම පිළිබඳව අවබෝධය සහ ව්‍යාපාරය වර්ධනය සඳහා ඉලක්ක යථාවත් කිරීමේ වැදගත්කම, සන්නිවේදනය හරහා වටිනාකම් නිර්මාණය කිරීම සමග වෙළෙඳ සන්නාමගත කිරීම සහ වෙළෙඳ සන්නාම අනන්‍යතාව අතර වෙන පැහැදිලි කිරීම, ඔබගේ මූල්‍ය උපාය මාර්ගය සඳහා ජනතා බලය ඒකාබද්ධ කිරීම, වෙළෙඳ සන්නාමය සහ මූල්‍ය කටයුතු මෙන්ම, ඔබගේ ව්‍යාපාරය ඇගයීමට ලක්කිරීම සහ අනාගත සැලසුම් සකස් කිරීම යනාදී විවිධ ක්ෂේත්‍ර පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට භාජනය කිරීම සිදුවනු ඇත.
මෙම සම්මන්ත්‍රණය ඉමේජ් කන්සල්ටන්ට් (පෞද්.) සමාගමේ අධ්‍යක්ෂිකා ඉරුෂි අලුවිහාරේ මහත්මිය විසින් පවත්වනු ලබන අතර, ඉන් අනතුරුව ක්‍රියාකාරී ප්‍රශ්න සහ පිළිතුරු සැසියක්ද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී 2019 අගෝස්තු මස 29දා පෙ.ව.10.30ට සම්මන්ත්‍රණය ආරම්භ කෙරෙන අතර, ඊට ලියාපදිංචි වීම සඳහා දුරකථන අංක 011-558882 හෝ [email protected] යන ඊමේල් ලිපිනයෙන් විමසීම් කළ හැකිය.