කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේදී 4% හි නොවෙනස්ව පැවති බව මහ බැංකුව පවසයි.
2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම හේ සඳහා හේතු වී ඇත.
මේ අතර ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති 11.5% සිට ඔක්තෝබර් මාසයේදී 10.0% දක්වා පහළ ගිය නමුත්, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති 0.9% සිට ඔක්තෝබර් මාසයේදී 1.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2020 සැප්තැම්බර් මාසයේ පැවති 4.7% සිට ඔක්තෝබර් මාසයේදී 4.6% දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.