කලාපීය පොකුරු තාක්ෂණ සංවර්ධනය (Regional Cluster Development) සඳහා පෞද්ගලික අංශයට සහාය වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව තිබේ.
මේ පිළිබඳ වූ අවබෝධතා ගිවිසුමක් TRACE Expert City ආයතනය සමග පසුගියදා අත්සන් කෙරිණි. ඌව පළාත තුළ දෙවැනි ස්ථරයේ (Tier 2) තාක්ෂණ උද්‍යානයක් පිහිටුවීම, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමට අවශ්‍ය රාමුවක් පිහිටුවීම සඳහා වූ එකඟතාවන් සහ අවබෝධතාව විධිමත් කිරීම මෙමගින් සිදුකෙරෙනු ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන අතර, TRACE Expert City මගින් ඌව පළාතේ හඳුනාගත් ස්ථානයේ නව ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇත.