උතුරු පළාත තුළ මුල් අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා ව්‍යාපාර මධ්‍යස්ථානයක් (ඉන්කියුබේටර්) ක්‍රියාත්මක කිරීමේ නිරතව සිටින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පුද්ගලික අංශය සමඟ එක්ව තාක්ෂණ අංශයේ ව්‍යවසාය සංවර්ධනයට අවබොධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඒ අනුව, යාපනයේ තොරතුරු තාක්ෂණ සහ වෙනත් ක්ෂේත්‍ර සඳහා පහසුකම් වේගවත් කිරීම් වෙනුවෙන් ව්‍යාපාරික මධ්‍යස්ථානය සඳහා යටිතල පහසුකම් සැපයීමට ඉන්දියානු රජය මුල්‍ය ආධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.
රට තුළ ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහාත්, වැඩි දියුණු කළ සහ වර්ධනයට භාජනය වූ පරිසරය මත ව්යවසායකයින්ගේඋන්නතිය සඳහා දායකත්වය ලබාදීමත් අරමුණු කරමින් රජය මෙම වැඩපිළිවෙළ සඳහා සහභාගී වී ඇත.
ඒ අනුව, මෙම අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද යෝජිත ව්‍යපාර මධ්‍යස්ථානය මගින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයතන සහ ධාරිතාවයන්, කණ්ඩායම් සහ ආයතන සඳහා ආරම්භ කිරීමට උනන්දු කරවන ධාරිතාවයන් ලබාදෙන බව කියයි. ආරම්භක මට්ටමේදී දැනුම හා කුසලතා පුළුල් කිරීම, වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර වෙළෙඳ පොළ අවශ්‍යතා සපුරාලීම, අනාගතයේදී උතුරු කලාපය තුළ ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරික අවකාශයද ඇති බව වැඩිදුරටත් පැවසෙයි.