ඉ-රාජ්ය සංකල්පය ක්රියාවට නැංවීම පිළිබඳ සංයුත්ත දර්ශකයට අනුව ශ්රී ලංකාව කලාපයේ පළමු වැනි ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබේ.
රටක ව්යාපාරික දර්ශකය ජාලගත ක්රියාකාරී දර්ශකය මෙන්ම, සංයුක්ත දර්ශකය රටක සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික ඇගැයුමක් ලෙස සැලකෙන අතර, කලාපීය වශයෙන් ශ්රී ලංකාව ලබා ඇති මෙම ප්රගතිය ඉන්දියාවට වඩා දර්ශක දෙකින් ඉදිරියෙන් සිටියි.
බංග්ලාදේශය පසුගිය වසර 10 තුළ දර්ශක 27කින් ඉදිරියට පැමිණ ඇති අතර, 2008 වසරේ බංග්ලාදේශයට දර්ශක 8කින් පහළින් සිටි නේපාලය මේ වනවිට එම දර්ශකයේ කැපී පෙනෙන අයුරින් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථීක හා සමාජ සබදතා පිළිඹද දෙපාර්තමේන්තුව වසර දෙකකට වරක් නිකුත් කරනු ලබන සංයුක්ත දර්ශකය මෙම තොරතුරු අනාවරණය කරනු ලැබ තිබේ. ලෝකයේ රටවල ඉ-රාජ්ය සංකල්පයේ ක්රියාකාරිත්වය ඇගැයුමට ලක් කිරීම මෙම සමීක්ෂණයේ අරමුණයි.