ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර බෙදාහැරීම පිළිබඳ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහනේ (WFP-World Food Program) පූර්ණ සහාය ලබාදෙන බව එහි ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් මහත්මිය පවසා සිටියාය.
ඇය මෙසේ අදහස් දක්වා සිටියේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.
එහිදී, අමාත්‍යවරයා පවසා සිටියේ පාරිභෝගික ආහාර බෙදාහැරීමේ ප්‍රධානතම ව්‍යාපාරික ජාලය වන ලංකා සතොස හා සමූපකාර ව්‍යාපාරය රජය සතුව පවතින බවත්, මේ මගින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ආහාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව ලබාදෙන බවත්ය. එමගින් ජනතාවගේ සෞඛ්‍යරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව ගැන දැඩි අවධානයක් රජය යොමු කරන බව පැහැදිලි කළේය.