ශ්‍රී ලංකාව හා ඉරානය අතර අනෝන්‍ය සහයෝගීතාව වර්ධනය වෙනුවෙන් වූ සාකච්ඡාවක් පසුගියදා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සඒරි අමිරානි මහතා සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී වී සිටි අතර, මෙහිදී, දෙරටටම වැදගත්වන කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.