මොණරාගල දිස්ත්‍රික්කයේ කුමාරවත්ත වතුයායේ ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ නව නිවාස 150 ක් ඉදිකිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තබා ඇත.
මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩ, උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන් විසින්ද මුල්ගල් තබන ලදී.
ඉන්ද්‍රීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසරේදී පොරොන්දු වූ නිවාස 10,000ක් ඇතුළුව වතුකරයේ නිවාස 14,000ක් ඉදි කිරීම සඳහා ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බව එම මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව, වතුකරයේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදිකළ නිවාස 400කට වැඩි ප්‍රමාණයක් ජනතා අයිතියට පත්කිරීම සඳහා 2018 අගෝස්තු මස 12 වැනි දින පැවති උත්සවයේදී නිවාස 10,000ක් ඉදි කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තබා ඇත.
මෙම මුල්ගල තැබීමේ උත්සවය නුවරඑළිය, හැටන් සහ බදුල්ල ප්‍රදේශයන්ගෙන් පිටතට ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීම සනිටුහන් කරන බවත්, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය / ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මෙම නිවාස ඉදිකිරීමේ නියෝජිතායතන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.