දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (14දා) උදෑසන දිවයිනට ළඟා වූවාය.
ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සමග ඇය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
විශේෂෙයෙන්ම මානව හිමිකම්, යුක්තිය, ප්රජාතන්ත්රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කරගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාෂයන් ඇතුළුව කලාපීය හා ද්වීපාර්ශ්වික ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව කියැවෙයි.
ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාවේ සහ පකිස්තානයේද සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන අතර, වත්මන් ජනපති හා රජය පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසද ඇය සැලකෙයි.