තම සියලුම පාර්ශ්වකරුවන්ට ප්රතිලාභ ලබාදීමේ අරමුණින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), තම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ වේගය තවදුරටත් වැඩි කිරීම සඳහා නව සංකල්පයක් හඳුන්වා දී ඇති අතර, HIP Speed නමින් මෙම කාර්යක්ෂම නව සැලැස්ම සියලු වරාය ක්‍රියාකාරකම් අංශ විසින් අනුවර්තනය කොට ඇත.
"HIP Speed ඔස්සේ වරාය මෙහෙයුම් සහ ඒ ආශ්රිත කර්මාන්තයන්හි ආයෝඡන නව මානයක් කරා ගෙන යෑම අපගේ බලාපොරොත්තුවයි. අප මේ සංකල්පය හඳුන්වා දුන්නේ එලැඹෙන වසර තුළ වෙනස් වීමට ඇති සැපයුම් සහ ඉල්ලුම් ව්‍යුහයන් හා ප්‍රතිනිර්මාණය වන වෙළෙඳ මාර්ග හරහා විවෘත වන අවස්ථා වලින් නිසි ප්‍රයෝජනය ලබා ගැනීමටයි. දැනටමත් සංවර්ධන හා ආයෝඡනය සඳහා වූ ගෝලීය මුහුදු සිතියමේ හම්බන්තොට වරාය ස්ථීර ලෙස ස්ථානගත වී ඇති අතර මෙම මෙහෙයුම් සැලැස්මේ අරමුණ, අනාගත ඉලක්ක සපුරාලීම සඳහා අවශ්‍ය ක්‍රියාවලියන් සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමයි. අපගේ සමස්ත සැලැස්මට අනුව, හම්බන්තොට වරායේ සේවාවන් ශ්‍රී ලංකාවේ අනෙකුත් වරායන් සපයන සේවාවන් සමඟ අනුපූරක වනු ඇති" යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසයි.
HIP Speed සැලැස්ම නිර්මාණය කොට ඇත්තේ, වත්මන් ප්‍රධාන විධායක නිලධාරී විසින් CMPortහි මෙහෙයුම් සහ අනෙකුත් පහසුකම් ප්‍රායෝගිකව කළමනාකරණය කිරිමෙන් ලද අත්දැකීම් මතය. මෙම සංකල්පය වරායේ කර්මාන්ත කලාපය තුළ සිය මෙහෙයුම් ස්ථාපිත කර ගන්නා ව්‍යාපාරිකයින් වෙතද ව්‍යාප්ත කරමින්, ඔවුන් හට ඇති වන බාධා ඉවත් කිරීමේ ප්රශස්ත සහය ලබා දෙනු ඇත. ප්රමුඛ පෙළේ ආයෝඡන සමාගම්, නැව් සමාගම් හා ශාඛා කාර්යාල පිහිටුවීම සඳහාද HIPG කටයුතු කරමින් සිටින අතර පාර්ශව 30කට වැඩි සංඛ්‍යාවකට වරාය සමුද්‍රීය මධ්‍යස්ථානයේ මහල් 7ක් බදු දී ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ රේගුවේ නියෝජිත කාර්යාල විසින් සපයන "එක් නැවතුම්පොළ සේවා" (OSS) පහසුකම සමස්ත ආයෝජන ක්‍රියාවලියම වඩාත් කාර්යක්ෂම කර ඇති අතර, එම පහසුකම නුදුරු අනාගතයේදී කර්මාන්ත අමාත්‍යාංශයෙන්ද ලබා ගත හැකි වනු ඇත. මෙම සේවාවන්හී ප්‍රධාන අරමුණ නම් රාජ්‍ය ආයතන වලින් අවශ්‍ය සහතික හා අනුමැතීන් ලබා ගැනීමේදී ආයෝඡකයින්ට සිදු වන අපහසුතා අවම කිරීමයි.
HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසුවේ "පළමු වසර දෙක තුළ අප යොමු වූයේ ක්‍රියාවලීන් සැකසුම් කිරීම, ප්‍රධාන සැලැස්ම සම්මත කිරීම සහ මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් (SOP) සකස් කිරීමටයි. මෙය ඉතා වැදගත් වූයේ, මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී අපට පළමු උත්සහයෙන්ම සියල්ල නිවැරදි කර ගත යුතු බැවිනුයි. අපගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විදේශීය ආකෘති සැලකිල්ලට ගැනීමේදී අපට ප්‍රධාන වශයෙන් මඟ පෙන්වනු ලැබුවේ ලොව පුරා වරාය හා පර්යන්ත 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන CMPort සමාගමයි. 2021 වර්ෂයේ මුල් භාගයේදී සිය බහාලුම් හැසිරවීමේ ප්‍රමාණය හා තොග භාණ්ඩ හැසිරවීමේ ප්රමාණයන්හී සුවිශේෂී වර්ධනයක් දෙස් විදෙස් යන දෙඅංශයෙන්ම වාර්තා කිරීමට CMPort සමාගමට හැකිවුණා. සමාගම සතු වරායන් විසින් සම්මත අඩි 20 බහාලුම් (TEU) මිලියන 66.57 ප්‍රමාණයක් හසුරුවා ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 21.3% කින් වැඩි වීමක්. හසුරුවා ඇති තොග භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 284ක් වන අතර එය පෙර වසරේ එම කාලයේ හැසිර වූ භාණ්ඩ ප්‍රමාණයට වඩා 42.8%කින් ඉහළ ගොස් තිබෙනවා" යනුවෙනි.
HIP Speed ක්‍රියාත්මක වන ආකාරයේ කදිම නිදසුනක් වන්නේ හම්බන්තොට වරාය සහ ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය ඇති කරගත් හවුල්කාරිත්වයයි. හවුල්කාරිත්ව ගිවිසුම අත්සන් කිරීමෙන් දින 20 ක් ඇතුළත ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි. එසේම, භුමිය සකස් කිරිමේ කටයුතු අවසන් වීමට ආසන්න "ලංකා ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය" වැනි ව්‍යාපෘති කිහිපයක් ඉදිකිරීම් අදියරට පැමිණ තිබේ .
වරායේ ජාත්‍යන්තර ප්‍රවර්ධනය කටයුතු සඳහාද HIP Speed මනා පිටුවහලක් වී ඇත. එතුළින් ගෝලීය වශයෙන් අත්විඳින අහිතකර වෙළඳපල තත්ව මධ්‍යයේ වූවද ප්‍රවර්ධන කටයුතුවල ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා ගැනීමට වරායට හැකිවිය.
"අප හම්බන්තොට වරාය කර්මාන්ත කලාපයේ සේවාවන් විවිධාංගීකරණය කිරිමේ කටයුතු වේගයෙන් සිදු කරන අතර එහි උපායමාර්ගික පිහිටීම ජාත්‍යන්තරව පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටිනවා. ඒ සඳහා එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ජපානය, ශ්‍රී ලංකාව, චීනය සහ මාලදිවයින ඇතුළු ලොව පුරා ආයෝජකයින් 30කට වැඩි සංඛ්‍යාවක් සමඟ අප එක් වී කටයුතු කරනවා" යැයි HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු සඳහන් කළේය.
වරාය විසින් HIP Speed ක්‍රියාවලියන් නිරන්තරයෙන් සමාලෝචනය කරන අතර මෙහෙයුම් කාර්යක්ෂමතාවයට ප්‍රමුඛත්වය දෙමින් තම හවුල්කරුවන්ට උපරිම ඵලදායිතාව ලබාදීමට කටයුතු කරයි.
සී හෝර්ස් යොට්ස් (Sea Horse Yachts - SHY) පුද්ගලික සමාගම, වරාය තුළ අති නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් පිහිටුවීමට නියමිත වේ. එය අයත් වන්නේ මාලදිවයින් බෝට්ටු ක්ශේත්‍රයේ ප්‍රවීණයන් හටය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ පිහිටුවීමට සැලසුම් කොට ඇති ව්‍යාපෘතියේ මූලික ආයෝජනය දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 58ක් (රුපියල් බිලියන 11.5) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එහි නිෂ්පාදන කටයුතු 2022 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතය.
2020 වර්ෂයේ අනුරූප කාලයට සාපේක්ෂව වරායේ සමස්ත තොග භාණ්ඩ හැසිරවීමේ පරිමාව මේ වසරේ මුල් භාගයේදී 186%කින් ඉහළ ගොස් ඇත. 2020 ජුනි මස අවසානය වන විට සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව මෙට්‍රික් ටොන් 420,421ක් වූ අතර එය වර්තමානය වන විට මෙට්‍රික් ටොන් 1,206,425 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය දකුණු ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම HIPG දැක්මයි. මෙම බලශක්ති කේන්ද්‍රය ගොඩනැගීම හා තොග අපනයනකරුවෙකු ලෙස ඉන්ධන තොග වශයෙන් සැපයීම මෙන්ම වරාය වෙත පැමිණෙන නෞකා සඳහා වටිනාකමින් වැඩි සේවාවන් පිරිනැමීම සඳහා සයිනොපෙක් ඉන්ධන ලංකා සමාගම (SFOL) සමඟ HIPG උපායමාර්ගික හවුල්කාරීත්වයකට එලැබෙන ලදි. සයිනොපෙක් ඔවුන් සතුව ඇති සම්පත් උපයෝගි කොටගනිමින්, හම්බන්තොට වරායට දැනට සපයන අවම සල්ෆර් සංයුතියකින් යුතු ඛනිජ තෙල් (VLSFO) සහ නුදුරු අනාගතයේදී සැපයීමට නියමිත සමුද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මඟින් ඉන්දියානු සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ගවල ගමන් කරන සියලුම යාත්‍රා සඳහා, ඉන්ධන සැපයීමට වරායට හැකි වේ.
LPG ගෑස් ප්‍රතිනැව්ගත කිරීම සහ දේශීය පරිභෝජනය සඳහා බෙදාහැරීමද හම්බන්තොට බලශක්ති කේන්ද්‍රීය වැඩසටහනේ කොටසක් වන අතර වරාය තුළ සැපයුම් පහසුකම් ක්‍රියාත්මක කරන ප්‍රධාන සමාගම් ද්විත්වයක් වේ. බලශක්ති කේන්ද්‍රස්ථානයට සේවා සැපයීමේ ධාරිතාව වැඩි කිරීම සඳහා HIPG නවීනතම ඛනිජ තෙල් පරීක්ෂණාගාරයක් වරාය තුළ ස්ථාපිත කිරීම සඳහා ඉන්ටර්ටෙක් ලංකා (පුද්) සමාගම සමඟ හවුල් ගිවිසුමක් අත්සන් කල අතර එයින් වරාය සතු ධාරිතාව ශක්තිමත් කෙරෙනු ඇත.
හම්බන්තොට වරාය, සිය වරාය මෙහෙයුම්හි කාර්යක්ෂමතාව සඳහා ආයෝජන සිදු කරන අතරම, වසංගතයට සාර්ථකව හා කාලෝචිතව මුහුණ දීමට අවට ප්‍රජාවන්ට සහයෝගය දක්වති. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අංගසම්පූර්ණ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට HIPG අරමුදල් සපයා ඇත. PCR පරීක්ෂණ පහසුකම සඳහා අරමුදල් වලින් කොටසක් HIPG සමාගමේ ප්‍රධාන හවුල්කරුවා වන CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක අරමුදල වන චයිනා මර්චන්ට්ස් පදනම (China Merchants Fund - CMF) වෙතින් ලබාදෙන ලදි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ ආදී පරිත්‍යාග ද බොහෝමයක් වරාය විසින් ලබා දී අවසන්ය.
නව විදේශීය ආයෝජන ගෙන ඒමට අමතරව, HIPG, හම්බන්තොට වරායේ සිය ආයෝඡන වැඩි කිරීම මෙන්ම දේශීය ජනතාවට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීමට සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම ද සිදු කරයි. වරාය සමූහය, වරාය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය නව සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ප්‍රවර්ධනය කරන අතර එමඟින් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට කැප වී ඇත.