ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජනද ඇතුළුව ආයෝජන ආකර්ශනයට හෝ ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීමට අපොහොසත්ව ඇති බවට වූ මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
මෙම පදනම් විරහිත චෝදනා සහ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2015, 2016, 2017 සහ 2018 (මේ දක්වා) කාලය තුළ පෙන්වන කාර්ය සාධනය මෙසේ දක්වා සිටියි.
• අනුමත කරනලද නව ආයෝජන ව්‍යාපෘති සහ ක්‍රියාත්මක වෙමින් පවතින ආයෝජන ව්‍යාපෘති මගින් ආකර්ශනය කර ගන්නාලද ආයෝජනවල සමස්ත අගයෙහි අඛන්ඩ වර්ධනයක් දක්නට ලැබේ.
• හම්බන්තොට කාර්මික කලාපයට බද්ධ කොට සංවර්ධනය කෙරෙමින් පවතින මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය සහ මීරිගම අපනයන සැකසුම් කලාපය හැරුණු විට ආයෝජන මණ්ඩලය විසින් මෙහෙයවන කලාප 16 ම මේ වනවිට ඒවායේ උපරිම ධාරිතාවයට ලඟා වී ඇත.
• 2018 වර්ෂය සඳහා ඇ.ඩො. බිලියන 32ක් පමණ වන සැලකිය යුතු ආයෝජන පරිමාවක් සහිතව ව්‍යාපෘති පෙළ ගැස්මක් මේ වනවිට පවතින අතර, ඉන් බොහෝමයක් අපනයන අභිමුඛ නිෂ්පාදන කර්මාන්ත සඳහා වන ආයෝජන බව කියයි.
• 2020 වන විට වාර්ෂික ලැබෙන විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො.බි. 5ක් දක්වා වැඩි කිරීම ඉලක්කයයි.
• ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්රියාවලියෙහි පැවති බරපතල ප්‍රමාදයන් මඟ හැරවීම පිණිස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තනි කවුළු ආයෝජන පහසුකම් සැපයීමේ කාර්ය සාධාන බලකාය (SWIFT) හරහා එවැනි ආයතන 24 ක් සමඟ බද්ධ ක්‍රමවේදයක් සකසයි.
• දැනට සිටින ආයෝජකයන් සිය ව්‍යාපාර පුළුල් කිරීම හා දියුණු කිරීම සඳහා ප්රතිආයෝජනයට පහසුකම් සැලසීම සහ ඒ සඳහා ඇති ගැටලු නිරාකරණය සඳහා විදේශ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
• ඉලක්කගත ක්ෂේත්‍ර සඳහා ඍජු විදේශ ආයෝජන ළඟාකරගැනීම වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
• ඍජු ආයෝජන ආකර්ශනය කර ගැනීමට ඉලක්කගත රටවල් කරා ප්‍රවර්ධන වැඩසටහන් යොමුකිරීම මඟින් ගෝලිය ව්‍යාපාර ප්‍රමුඛයන්ගේ ආයෝජන ඉලක්කකොට ගෙන ජර්මනිය, ජපානය හා සිංගප්පූරුව යන ප්‍රධාන වෙළෙඳ පොළවල් සාර්ථක ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම.