පාස්කු ඉරිදා ප්රහාරයන්ගේ බලපෑම් යම් ප්‍රමාණයකට පිළිබිඹු කරමින් 2019 අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.5%ක අඩුවීමක් වාර්තා කර තිබේ.
2019 අප්‍රේල් මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු අනාවරණය කරයි.
එම මාසයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ 166,975ක් දක්වා අඩුවී තිබුණු අතර, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, චීනය සහ බ්‍රිතාන්‍ය වැනි ප්‍රධාන රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීමක් දක්නට ලැබුණු බවද මහ බැංකුව කියයි.
ඒ අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 313ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය පෙර වසරේ අනුරූප මාසයේදී වාර්තා කර තිබුණේ ඇ.ඩො.මිලියන 339ක් ලෙසිනි. මෙය සංචාරක ඉපැයීම්වල 7.5%ක අඩුවීමකි. වසරේ පළමු මාස 4 තුළ සමුච්චිත සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 1,704කි.