අපනයන ක්ෂේත්රයේ පවතින බාධාවන් තවදුරටත් ඉවත්කරලීම පිළිබඳව ඉදිරි අයවැය යෝජනා තුළ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ, ඊයේ (18දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති අපනයන සම්මාන උලෙළ 2018 අමතමිනි. මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"2015 වසරට සාපේක්ෂව මේ වනවිට අපේ අපනයන ක්ෂේත්රය තුළ යම්තාක් දුරට ඉදිරියට පැමිණ සිටිය ද ලබාගත යුතු ජයග්‍රහණ රැසක් පවතිනවා. අපනයන ක්ෂේත්රයේ ඇති බාධා ඉවත්කිරීම මෙන්ම විදේශ වෙළෙඳ පොළට සුදුසු නිෂ්පාදන කි‍්‍රයාවලිය දැනට වඩා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා." යැයි පවසා සිටියේය.