පවත්නා නීතිවල විධිවිධානයන්ට අනුකූලව අධ්යක්ෂ මණ්ඩල ධුරකාලය අවසන් වී ඇති ලංකා බැංකුව සහ මහජන බැංකුව ආදී රාජ්‍ය ආයතනයන්හි අධ්යක්ෂ මණ්ඩල නැවත ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසයි.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් ඇතිව නුදුරු අනාගතයේදී ඒ සඳහා පියවර ගනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල, ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීමේ තීරණය පිළිබඳව දේශීය මුද්‍රිත මාධ්‍යවල සහ අන්තර්ජාල වෙබ් අඩවිවල පළ කෙරුණු ප්‍රකාශන සම්බන්ධයෙන් එහි වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශය අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන තෙක් එකී රාජ්‍ය ආයතන සහ ඒවායේ වත්මන් අධ්යක්ෂ මණ්ඩල විසින් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරනු ඇති බවත්, බාධාවකින් තොරව එම ආයතන අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ජනාධිපතිවරයා විසින් පසුගියදා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතනවල අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට තීරණය කර තිබුණි.