අගෝස්තු මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 6.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් පවසයි.
පසුගිය ජූලි මාසයේ මතුපිට උද්ධමනය 6.1%ක් ලෙස වාර්තා විය. 2020 අගෝස්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 5.7%ක හා ආහාර නොවන කාණ්ඩයේ 0.6%ක දායකත්වයක් පිළිවෙළින් ලබාදී ඇත.
එහෙත් 2019 අගෝස්තු මාසයේ 3.4%ක් වූ මතුපිට උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 0.3%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.1%ක් විය. 2019 අගෝස්තු මාසයට සාපේක්ෂව 2020 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පොල්, සහල්, කහ කුඩු, පොල්තෙල්, පොල්තෙල්, සීනි සහ අළුත් මාළු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම්ය.