2018 අගෝස්තු මස ලක්ෂ්යමය උද්ධමනය පෙර මාසයේ පැවති 3.4%ට සාපේක්ෂව 2.5% දක්වා පහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මතුපිට උද්ධමනය මනිනු ලබයි.
මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික පහළ යෑම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2018 ජූලි මාසයේදී වාර්තා වූ 5.1% සිට අගෝස්තු මාසයේදී 4.7% දක්වා පහළ ගොස් තිබේ.