මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මැදිහත්ව තිබෙනවා.
“කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මෙලෙස ඒ මහතා වැඩි දුරටත් කියා කරසිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය