උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු ගමනාන්තයක් වන ඇල්ල දුම්රිය ස්ථානයේ ජල සැපයුම දින හතරක පමණ කාලයක සිට ඇන හිටීම නිසා දෙසේ විදෙස් සංචාකරයෝ මෙන්ම දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලයද අපහසුතාවයට පත්ව සිටිති.
දැනට විකල්පයක් ලෙස ඇල්ල ප්රාදේශීය සභාවට ජල බවුසරයකට රුපියල් හාරදහසක් බැගින් ගෙවා තාවකාලිකව ජලය ලබාගන්නා නමුත් එය පැය දෙකකටවත් ප්රමාණවත් නොවන බව ඇල්ල දුම්රිය ස්ථානයේ ප්රධාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසෙන්ද්ර දිසානායක මහතා පැවසීය.
පාලිත ආරියවංශ