අනුරාධපුර පූජා නගරයේ පිහිටි "වෙස්සගිරිය" වර්තමාන ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා පැවසීය.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසූයේ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දාහතර දා වෙස්සගිරිය "උරුම උද්‍යානයක්" ලෙස එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සහ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදීය.
වෙස්සගිරිය පුදබිමේ ඉදිරි, සංරක්ෂණ සිදු කරන අතර තොරතුරු මධ්‍යස්ථානයක් මෙන්ම සංචාරක කර්මාන්තයට ඉවහල් වන පරිදි අලංකාර ලෙස මෙම ස්ථානය සකස් කිරීමටද නියමිතය.
"වෛශ්‍ය කුලයේ භික්ෂූන් පන්සීයක් මෙහි වැඩ සිටි බවට මූලාශ්‍ර මගින් හෙළිවී තිබෙනවා.2006 වසරේ ජේතවන ව්‍යාපෘතිය මගින් මෙහි සිදු කල කැණීම්වලදී මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවකයාගේ පාග් ඓතිහාසික තොරතුරු රැසක් ලැබී තිබෙනවා.ඒ අතර මෙහි ජනාවාස තිබූ බවටද සාක්ෂි තිබෙනවා.එයට හේතුව කදම්බ නදිය හෙවත් මල්වතු ඔය පිහිටා තිබීම අපට සිතා ගත හැකියි.ක්‍රිස්තු පූර්ව තුන්දහස් නවසීයක පමණ ඈත අතීතයට ඒ රැගෙන යනවා.කිසි පූර්ව තුන්වැනි සියවසේ කටාරම් සහිත නිර්මාණ මෙන්ම ක්‍රිස්තු වර්ෂ පස්වන මෙහි ඉදිකර ඇති පබ්බතාරාමය සීගිරි කාශ්‍යප යුගයේදී වූ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
වෙස්සගිරිය ඉසුරුමුණියේම කොටසක් බවට කරන ලද කැණීම්වලදී ශිලා ලේඛන මගින් පෙන්වා දී ඇති අතර එය පිළිගැනීමට අවශ්‍ය සාධක නට්ඨාවශේෂ සාක්ෂි දරනවා.බෝධි රන්මසු උයන, රුවන්දොර ඒ අතර වෙනවා.
අනුරාධපුර පූජා නගරයේ ඇතුළු නුවර තවදුරටත් සංරක්ෂණය විය යුතුයි.ඉදිරියේදී කිසිදු ඉදිකිරීමක් සඳහා ඇතුළු නුවරට අවසර දෙන්නේ නෑ.ඇතුළු නුවර අඩි හතළිහක් යටින් ජනාවාස තිබූ බවට කැණීම්වලදී මතු කර ගන්නට හැකි වී තිබෙනවා."