ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන භූමි සහ නිල නිවාස භූමි ආදියෙහි ඉඩ ඇති සෑම කොටසකම පොල් වගා කිරීම සුදුසු බව දිසාපති ලලින්ද ගමගේ මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි පොල් වගාව තවත් වැඩි දියුනු කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය පියවර ගෙන ඇති බව එම මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකාර සමන් හේරත් මහතා විසින් පොල් වගා ප්‍රගතිය ඉදිරිපත් කළ අවස්ථාවේ දිසාපතිවරයා එසේ පැවසීය.
පොල් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ඉඩ ඇති සෑම භූමි ප්‍රමාණයකම පොල් වගා කිරීමට රාජ්‍ය නිලධාරීන් පියවර ගන්නා ලෙසත් මේවායෙහි ඵලදාව කවුරුන් ගත්තද ප්‍රශ්ණයක් නොවන බව පැවසූ දිසාපතිවරයා , වගාකිරීම පිනිස අවශ්‍ය පොල් පැල පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
මේ සදහා ප්‍රධාන කාර්යාලය වෙත දැනුම් දෙමින් පොල් පැල 1000 ක් පළමුවෙන් ලබාදීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් කළමනාකාරවරයා මෙහිදී ප්‍රකාශ කළේය

තිලකරත්න දිසානායක