මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ "ඩෙවොන් 5" බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ඒ අනුව මේ වන විට මියගොස් ඇති ධීවරයින් ගණන 5ක් වන අතර ඩෙවොන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි දෙදෙනෙක්ව අද (30) දින සිංගප්පුරු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබුණි. ඉන් එක් අයෙක් මියගොස් ඇති බවට වාර්තා වූ බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසීය.
මේ අතර සිංගප්පූරු ධජය යටතේ රැගෙන එන අසාධ්‍ය ධීවරයා හා මියගිය ධීවරයාගේ මෘත ශරීරය ඊයේ සන්ද්‍යාවේ පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවට අද පස්වරු 6.00ට පමණ වන විට බාර ගැනීමට නියමිතව පවතී.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ