මොරටුව ,කොරලවැල්ල ප්‍රාදේශයේ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන " කොරලවැල්ල කුඩු ජයනී" සහ ඇයගේ ප්‍රධාන ගෝලයෙකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 54200 ක් සමග අද (06) දින අලුයම වලාන මධ්‍යම දූෂණ මර්දන බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
යුක්තිය මෙහෙයුමට සමගාමීව වලාන මධ්‍යම දූෂණ මර්දන බලකාය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ, උප පොලිස් පරීක්ෂක ජයවීර යන මහතුන් ඇතුල නිලධාරී කණ්ඩායමක් විසින් අද අලුයම සිදුකරන ලද වැටලීමේදී ප්‍රධාන ජාවාරම් කාරිය වන ".කොරලවල්ල ජයනි" යන ඇයගේ සන්තකයේ තිබී අයිස් මිලිග්ම් 50620 ක්ද ඇයගේ ප්‍රධාන ගෝලයෙකු සමග අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3520 ක්ද සමග පොලිස් භාරයට ගනු ලැබ ඇත .
සිදුකල විමර්ශනයට අනුව මෙම ජාවාරම් කාරියගේ සැමියා සහ සහෝදරයින් තිදෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින බවත් , දැනට මහර බන්ධනාගාරයේ සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ දුරකථන ඇමතුම් අනුව ලබා ගන්නා අයිස් මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට් කර ගෝලයා සම්බන්ධකරගන දීර්ඝකාලීනව මොරටුව,මෝදර,කොරලවැල්ල ,හා.ලුනාව යන ප්‍රදේශවලට බෙදාහැර ඇතිබවට අනාවරණයවී ඇතැයිද පොලීසිය පැවසීය.
මෙම වැටලීම වලාන මධ්‍යම දූෂණ මර්දන බලකාය අධ්යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලකවැලිවිට මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපත ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ, මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ජයවීර ,පොලිස් සැරයන් 51068 පුෂ්පකුමාර, කාන්තා පොලිස් සැරයන් 3684 නයෝමි ,පොලිස් කොස්තාපල්වරුවන 87119 අමිල, 104327 දිල්ෂාන්, 104644 තිලකරත්න ,105086 කේසුමාරන්, පොලිස් සැරයන් රියදුරු 6462 බණ්ඩාර යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබ ඇත.
දෙහිවල එච්.එම්.ධර්මපාල