ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස දෙවැනි තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශපත්‍ර අවසන් බව නිල වශයෙන් නිවේදනය කර තිබුණද 19 දින පෙරවරුවේ නැවත දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී රුපියල් දෙසීය සහ රුපියල් 500් වේශපත්‍ර අලවි කිරීමට සූදානම් වීමත් සමඟ අති විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයත් ඇති විය.
තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන පිරිස පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දරන්නට වූහ.
ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ස්ථානයේ පැය ගණනාවක් පෝලි සිටි බ්‍රිතාන්‍ය ජාතික යුවළක් ප්‍රවේශපත්‍ර ලබාගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව කනස්සල්ලෙන් යුතුවන් 'ශ්‍රී ලංකා ක්‍රිකට් නො ටිකට්' යන්න ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් පිටව යන දසුනක් ද අපට දැක ගැනීමට හැකි විය
යම යුවළ දැඩි ආශාවෙන් යුතුව තරගය නැරඹීම සඳහා පැමිණි බවත් එහෙත් ප්‍රවේශපත්‍රයක් මිලදී ගන්නට නොහැකිවීම ගැන කනගාටුවන බව ප්‍රකාශ කරන්නට විය.
දඹුල්ල ක්‍රීඩාංගනය ඉදිරිපිට රැදී සිටින කණ්ඩායමක් රුපියල් 200 ප්‍රවේශපත්‍රයක් රුපියල් දහස ත් 1500 ත් අතර මුදලකට රුපියල් පන්සියේ 500 ක ප්‍රවේශපත්‍රයක් රුපියල් දෙදහසකට අලෙවි කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
කෙසේ වෙතත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රවේශපත්‍ර අලෙවි කරන ස්ථානයට අති විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් අළුයම් කාලයේ සිට පෝලිමේ සිට එක් අයෙකුට ප්‍රවේශපත්‍ර හතර බැගින් ලබාදීම සිදුකරමින් සිටියදී එකවරම ඇති වූ උණුසුම් තත්වයක් නිසාවෙන් දේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව කඩා බිඳ දමා ක්‍රීඩා ලෝලීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුළු වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය'
පසුව ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත්‍ර අලෙවි කරන පිරිස එම ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර ලබා දීම තාවකාලිකව අත්හිටුවා ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර මැසින් ඉවත් කර ගනු ලැබූහ.
ලෝලීන්ගෙන් නැගුණු දැඩි ගෝසාව සහ ඉල්ලීම මත නැවත වරක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළද එක් හැදුනුම්පතකට ප්‍රවේශ පත්‍ර දෙක බැගින් ලබාදීමට ඔවුන් පියවර ගනු ලැබීය.
අළුයම් කාලයේ සිට පොලිමේ සිටි පිරිස ඊට ද දැක්වුයේ දැඩි විරෝධයකි. ඔවුන් කියා සිටියේ පවුලේ සිව් දෙනෙක් පැමිණ සිටියහොත් ක්‍රිකට් තරග නරඹන්නට නොහැකි වන බවය. ප්‍රවේශ පත්‍ර වැඩි මිලගණන් යටතේ පිරිසක් අලවි කරන්නේ කෙසේදැයි එම පිරිසගෙන් අප විමසීමේදී කිවේ එය කළුකඩ මගින් සිදු කරන ක්‍රියාවලියක් බවය .කෙසේ වෙතත් එක හැඳුනුම්පතකට ප්‍රවේශපත්‍ර දෙක බැගින් ලබාදීමට පියවර ගන්නා බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නට විය
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ගොඩනැගිල්ල සහ භූමිය ප්‍රවේශපත්‍ර අලෙවිය සඳහා ඉල්ලා සිටි නිසා අවස්ථාව ලබා දුන් බවය
කෙසේ වෙතත් රාජ්‍යය දේපළට සිදුවූ හානිය පිළිබඳව තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර එම කඩා බිඳ දැමූ ගේට්ටු නැවත සවිකර ගැනීම සඳහා යන වියදම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.