යෝෂිත රාජපක්ෂට අයත් ගිණුමවල තිබූ රුපියල් මිලියන පනස් නවයකට අධික මුදලක් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණව පැහැදි කිරීමට හැකියාවක් නොලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.
මේ අනුව ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබෙන බවද පවසා සිටියේය.
සිදු කළ විමර්ශනවලට අනුව මෙම මුදල් ස්ථිර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබූ බවත්, ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙන බවත් සඳහන් කළේය.
ඒ අනුව නීතිපතිතුමා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බවද පැවසීය.
ඒ අනුව අද (11දා) යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.
අදාළ කාන්තාවට එරෙහිව මේ වන විට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙන බවත්, මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බවත් අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මහතා සඳහන් කළේය.