පුරාවිද්‍යා ස්ථානයක ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැඩි විවේදනයක් එල්ල කළේය.
මෙහිදී ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ, 'ඔබතුමා මට ඉතිහාසය උගන්වනවද? නැත්නම් මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්නද?' යනුවෙනි.
මෙහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට ජනපතිවරයා තවදුරටත් සඳහන් කළේ,
"කැබිනට් ප්‍රතිපත්තියක් තිබෙනවා. ඔබ එය අනුගමනය කරන්න. ගැටලුවක්ද නැත්ද කියලා අපි තීරණය කරන්නනම්. ඊට පස්සේ ඔබ කියයි ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බෑ. ගැටලුවක් ඇති වේවි කියලා.
ඔයගොල්ලෝ අක්කර 275ක් ගත්තොත් මේ විහාරය මහා විහාරයටත් වඩා ලොකුයි. මම අහන්නේ මහා විහාරයයි. ජේතවනාරාමයයි අභය ගිරියයි දාලා අක්කර 100ක් නෑ."