විදෙස් රැකියා ජාවාරම්කරුවෙකුට හසු වීමන් ඕමාන් රටේ කුණු ගොඩක කැඩුණු රොරියක් මත මාස හයක කාලයක් දිවි ගෙවන ශ්‍රී ලාංකික තරුණයකු පිළිබඳ තොරතුරක් වාර්තා විය.
හොරණ පදිංචිව සිටි පුලස්තී චානක නැමති මෙම තරුණයා විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසකට හසුවී රුපියල් ලක්ෂ දහයක මුදලක් ඔවුන්ට ලබා දී සංචාරක වීසා මත ඕමාන් රටේ රැකියාවකට එවා තිබේ.
මුදල් ලබා ගැනීමෙන්පසුව මෙම තරුණයා ඇතුළු තවත් තරුණයන් විශාල පිරිසක් ඕමාන් රටට රැගෙන ගොස් අතරමං කර දමා තිබෙන බව ඔහු සඳහන් කරයි.
ජාවාරම්කරුවන්ට හසු වූ අනෙක් ලාංකික තරුණයන් ඕමාන්හි විවිධ ස්ථානවල දහ දුක් විඳිමින් සිටින බව පුලස්ති චානක හෙළි කළේය.
තමන් මේ වනවිට ඕමාන් රටේ ස්ථාන කිහිපයක රැඳී සිටියද විවිධ බාධක එල්ලවීමත් සමඟ දැනට මාස හයක පමණ කාලයක් කුණුගොඩක නවතා ඇති කැඩුණු ලොරියක දිවි ගෙවන බවත් කාගෙන් හෝ ඉල්ලාගෙන බිස්කට් එකකින් වතුර බෝතලයකින් දිවි රැක ගැනීම සිදුකරන බවද ඔහු දැඩි සිත් වේදනාවෙන් යුතුව පැවැසීය.
ව්‍යජ ලියකියවිලි සකසා විසා බලපත්‍ර සකසා තමන් ඇතුළු කණ්ඩායම ඕමාන් රටට එවූ බවද ඔහු කියයි. කෙසේ වෙතත් තමන් මේ පිළිබඳව එරට ශ්‍රී ලංකා තනාපති කාර්යාලය දැනුවත් කළද තමන්ට මෙතෙක් කිසිදු සහනයක් නැති බවත් පවසන පුලසති මාස ගණනාවකින් කුසට බත් ඇටයක් නැතිව දැඩි අසරණව සිටින බවත් තමන්ට හැකි ඉක්මනින් ඕමාන් රටේ කාගේ හෝ පිහිටක් ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
එමෙන්ම තමන් ලංකාවට නැවත ගෙන්වා ගැනීම සඳහා කාගේ හෝ උදව් උපකාර කරන්නැයි ඉල්ලා සිටියේය.
ඕමාන් රටේ සිටින පුලස්ති සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංකය +94 76 114 4227


