ඊයේ 5දා පෙරවරු 5.55ට කොළඹ කොටුව සිට බදුල්ල බලා පිටත්වූ ‘පොඩි මැණිකේ’ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට නාවලපිටිය දුම්රිය ස්ථානයේදී පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවය කල නිලධාරීන් තිදෙනකුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නාවලපිටිය කාර්යභාර නිලධාරී පරීක්ෂකවරයා කලහාකාරී සිදුවීමේදී නියමිත රාජකාරි නිසියාකාරව නොකිරීමේ චෝදනාවට සහ එම දුම්රියේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය ද මෙසේ අත්හිටුවූ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
මෙම සිද්ධිය සම්බ්නධයෙන් දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මේ වන විට කටයුතු කළ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
කසුන් රණසිංහ