බොරතෙල් ලබා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් ජනවාරි මස 03 දා සිට වසා තැබීමට සිදුවන බව වාර්තා වෙයි.
මීට පෙරද සපුගස්කන්ද තෙල් පිරිහදුව මෙම ගැටලුව හේතුවෙන් වසා දැමුණ අතර මෙවර එය වසා දැමෙන්නේ ඉතිහාසයේ දෙවැනි අවස්ථාවටය.
යළිත් ජනවාරි මස 30 දා සිට පිරිපහදුව ආරම්භ කිරීමට නියමිතව තිබේ. පිරිහපදුව වසා දැමුණත් එම කාලයට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තොග ශ්‍රී ලංකාවේ පවතින බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.