දියතලාව Fox Hill සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර පෙරේදා (21දා) සිදු වූ අනතුර සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක (අධ්යක්ෂ ජෙනරාල් ජනමාධ්‍ය හා මනෝ විද්‍යාත්මක මෙහෙයුම්) මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේය.
පොලීසිය විසින්ද පරීක්ෂණයක් සිදුකරන බවත්, අභ්‍යන්තර පරීක්ෂණය යුද හමුදාපති තුමාගේ උපදෙස් මත සිදුවන බවත් අද කළ විමසිමකදී හෙතෙම පවසා සිටියේය.
යුද හමුදාව සිදුකරන පරික්ෂණයේදී අනතුර සම්බන්ධයෙන් හා මීට හේතු වූ කරුණු පිළිබඳවත් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග හා මේ පිළිබඳව හා මීට වගකිව යුතු පිරිස් සිටිනවාද යන්න සොයා බැලීමට නියමිතව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.