සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටයලක් තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ඊයේ (22දා) ලද පැමිණිල්ලක් මත වැටලීමක් සිදුකර ඇත.
මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බවත් මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සමඟ සැකකාරියන් 03 කු, සැකකරුවන් 14 කු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාදය සඳහා සහභාගි වූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.