පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාට වසර 02ක සිරදඬුවමක් නියම කර එය වසර 10ට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියම කළේය.
එමෙන්ම රුපියල් ලක්ෂ 04ක දඩයක්ද විත්තිකරුට ගෙවීමට නියම කර තිබේ.
2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 02කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම ඇතුළු අධිචෝදනා 04ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය දෙනු ලැබිණි.