හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඒ එච්. ෆවුසි මහතාගේ පුත්රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මීට දින කීපයකට ඉහතදී කොල්ලුපිටිය පාසල් මාවතේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු අනතුරට ලක් වීමෙන් අනතුරුව එම පුද්ගලයාට පහර දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව සැකකාර ෆවුසි මන්ත්රීවරයාගේ පුත්රයා පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.