ඉදිරියේදී එළඹෙන ලෝක ළමා දිනය ,ලෝක ගුරු දිනය ආදී උත්සව සැමරීම සඳහා පාසල් මගින් දෙමව්පියන්ගෙගෙන් මුදල් එකතු නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් සියලු විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරින් දැනුවත් කරමින් ලිපියක්ද යොමුකර තිබේ.
මෙවැනි උත්සව සඳහා පාසල්වලින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විවිධ පැමිණිලි ලැබෙමින් පවතින බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මෙලස මුදල් එකතු කිරීමෙන් වැඩි වශයෙන් දෙමාපියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ටද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව එම ලිපිය මගින් වැඩි දුරටත් දැනුවත් කර ඇත.
ජේ.ඉඳුරුවගේ