බාල වයස් පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර පලාගොස් සිටි සැකකරු සිවුරු දරා හිමිනමක ලෙස සැඟව සිටියදී අනුරාධපුර පූජා භූමියකදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
නිකවැරටිය පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 14 සහ 16 වයස් වල පසුවන බාල වයස් පිරිමි ළමුන් දෙදෙනෙකු රවටා ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කල සැකකරු මාස අටක පමණ කාලයක් මෙලෙස සැඟවී සිටියදී ,අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරු චීවරධාරියෙකු ලෙස ,අනුරාධපුර පූජා භූමි පෙදෙසක සිටින බවට ලද තොරතුරක් අනුව,ඉතා උපක්‍රමශීලී ලෙස සැකකරු අත්අඩංගුවට ගැණීමට පියවර ගත් බවද පොලීසිය තවදුරටත් සඳහන් කරයි .
සැකකරු නිකවැරටිය පොලිස් වසමේ පදිංචි පාසැල් මුරකරුවෙකු මෙන්ම උපකාරක පංති ගුරුවරයෙකු ලෙසද කටයුතු කරමින් සිට ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටක පමණ කාලයක් මෙලෙස සැඟව සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි .
සැකකරු අවුරුදු 48 වයසේ පසුවන එක්දරු පියෙකු බවද ,මොහු 04 දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා