හෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු හෙට (29) දා සිට යළි ආරම්භ කරන බවත් බාහිර ප්‍රතිකාර ඒකකය (30දා) ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් හෝමාගම මූලික රෝහල් ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
එහෙත් විශේෂයෙන්ම වෙන් කරන ලද ආරක්ෂිත වාට්ටුවක දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් 35 දෙනෙකුට දිගටම ප්‍රතිකාර කිරීම සිදුකරන බවද රෝහල් අධිකාරිවරයා වැඩිදුරටත් කීය.
හෝමාගම රෝහල කොරෝනා රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කිරීමට සම්පූර්ණයෙන්ම වෙන් කිරිම නිසා මාස තුනකට ආසන්න කාලයක් සාමාන්‍ය ප්‍රතිකාර තාවකාලිකව නවතා දැමීමට රජය පියවර ගෙන තිබුණි.
මේ හේතුවෙන් විසිදහසකට අධික සායන රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ශල්‍යාගාර පහසුකම් සැපයීම ,කායික හා ළමා රෝග ප්‍රතිකාර කිරීම් සම්පූර්ණයෙන් ඇණ හිට තිබුනි .
මේ හේතුවෙන් දෛනිකව ප්‍රතිකාර ලැබු දහස් ගණනක් රෝගීන්ට,කළුබෝවිල ශික්ෂණ රෝහල, හොරණ ,අවිස්සාවේල්ල, අතුරුගිරිය සහ වෑතර යන රෝහල් වලට ගොස් ප්‍රතිකාර ගැනීමට සිදුව තිබුණි .
ඒ පිළිබඳව ජනතාව කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලද නිර්දේශ වලට අනුව 29 දා සිට රෝහලේ සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කෙරෙන අතර එම කටයුතු දින 14ක් ඇතුලත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එසේම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යවා , සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ 29 දායින් පසු ව සම්පූර්ණයෙන්ම හෝමාගම මූලික රෝහල තුළදී සිදු කර ගැනීමට හැකිවන බවද විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා කීය.
ඒ අනුව ප්‍රතිකාර ලබා ගැනීමේ දී රෝගියා පමණක් රෝහලට පැමිණීමට වග බලා ගන්නා ලෙසත් එසේ පැමිණෙන සියලු දෙනා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළි පදිමින් රෝහලට පැමිණ තම අවශ්‍යතාව ඉටු කර ගන්නා ලෙසත් ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න